ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලූ ජනපතිගේ අවධානයට

(කොළඹ, ලංකාපුවත්) – ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ පවතින ශිල්පීන්ගේ හිඟය පියවීම සඳහා අවශ්‍ය විසඳුම් ඇතුළත් යෝජනාවලියක් සකස්කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් දී තිබේ.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලූ පිළිබද සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී පැවැත්විණි.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ද, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරින් ද පොලිස්පති ඇතුථ ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − ten =