මහනුවර ගැටුම්වලට සැක හමුදා කෝප්‍රල්වරු දෙදෙනෙක් අත්අඩංගුවේ

(කොළඹ, ලංකාපුවත්) – මහනුවර පූජාපිටි, අඹතැන්න ප්‍රදේශයේදී මාර්තු 04 වනදා ඇතිවූ ගැටුම් වලට අදාළව එහි ආගමික ස්ථානවලට හා වෙළඳ සැල් අලාභ හානි සිදුකළ යුද හමුදා කෝප්‍රල්වරුන් දෙදෙනක් අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රස්තවාදී විමර්ශන දිශාව විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

සැකකරුවන් අඹතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් වන 34 සහ 38 වයස් කාණ්ඩවල පසුවේ.

අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා අද(10) පූජාපිටිය පොලිස් ස්ථානයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × two =