කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පිහිටි මහෝමානියම් සුන්දරනාර් විශ්වවිද්‍යාලය, නගරයේ පවතින බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා මෙරට ප්‍රදර්ශනය කිරීම උදෙසා තාවකාලික භාරකරත්වය ලබා දීමට එම විශ්වවිද්‍යාලය එකඟ වී තිබේ.
මේ සඳහා වන අනුමැතිය ඉකුත් සිකුරාදා (06) දින එම විශ්වවිද්‍යාලය විසින් ලබා දී ඇත.
ශ්‍රී ලංකා රජය, ඉන්දීය සංස්කෘතින කටයුතු දෙපාර්තමේන්තු හරහා සිදුකරන ලද ඉල්ලීමකට අනුව මෙවර වෙසක් දිනය නිමිති කර ගනිමින් සර්වඥ ධාතුන් වහන්සේලා මෙරටට වැඩම කිරීමට නියමිතව ඇත.
ඒ අනුව වෙසක් දින සිට සිව් දින ධාතූන් වහන්සේලා මෙරට ප්‍රදර්ශනය කිරීමට නියමිතය. මෙම කාලය තුළ දැඩි ආරක්ෂාවක් ලබා දීමටද අවශ්‍ය කටයුතු යොදා තිබේ.
මෙරට ප්‍රදර්ශනයේ අනතුරුව ධාතූන් වහන්සේලා යළි මහොන්මානියම් සුන්දරනාර් විශ්වවිද්‍යාලය වෙත භාර දීමටද නියමිතය.
උතුරු ඉන්දියාවේ ගුජරාට්හි දෙව් නියි මොරි නැමැති ගම්මානයේ 1957වසරේ වේල්ලක් ඉදිකිරීමට යාමේදී හමුවූ ස්ථූපයක් ලෙස සැකකළ හැකි පස් ගොඩැල්ලක තිබි මෙම ධාතූන් වහන්සේලා හමුව තිබුණි. ඒ සම්බන්ධයෙන් පුරවිද්‍යාඥයින් පර්යේෂන ද සිදු කර ඇත.