ආසියා මාධ්‍ය නායක සමුළුව චීනයේ දී ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – 2018 ‍‍බෝ ආඕ ආසියා සාකච්ඡා සභාවේ ආසියා මාධ්‍ය නායක සමුළුව චීනයේ සන්යා නගරයේදී ‍‍පසුගියදා ආරම්භ විය. ‘ආසියා මාධ්‍ය සහයෝගතාවේ නව යුගය‘ තේමාවෙන් මෙවර සමුළුව පැවැත්වේ.

කලාපයේ මාධ්‍ය ප්‍රධානීහූ රැසක් ඊට සහභාගීවී සිටිති.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති නීතිඥ්ඥ රවී ජයවර්ධන මහතාද ඊ‍ට සහභාගීවී සිටින අතර ලෝකයේ මාධ්‍ය සහයෝගතාවන් යුතුව ක්‍රියා කිරීමේ වැදගත්කම හෙතෙම පෙන්වා දෙන ලදි.

මාධ්‍යය‍ට ලෝකය වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ හැකිය. වඩා හොඳ ආසියාවක් ඇතිකරන්නේ කෙසේද යන්න පිළිබඳ අවධානය යොමුවන බවද ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති නීතිඥ රවී ජයවර්ධන මහතා සදහන් කළේය.

ආසියාවේ ඇති ඇතැම් ප්‍රශ්ණ විසඳීමේදී මාධ්‍යයේ කාර්ය භාරය පිළිබදව අවධානය යොමු කළ යුතුය. මෙම සාකච්ඡා සභාව මගින් රටවල් අතර සබඳතාව මෙන්ම මාධ්‍ය හා සංස්කෘතීන් අතර සබදතාව පිළිබඳ හොඳ සංවාදයකට අවස්ථාව සැලසෙනු ඇති බවටද හෙතෙම විශ්වාසය පල කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *