ඉන්දීය නිලි ශ්‍රී රෙඩි නිරුවත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය සිනමා කර්මාන්තය තුල සිදුවන ලිංගික හිංසන ක්‍රියාවලට විරෝධය පළකිරීම සදහා ඉන්දීය රුපවාහිනී නිවේදිකාවක් සහ නිලියක් වන ශ්‍රී රෙඩි (Sri Reddy) පසුගියදා ප්‍රසිද්ධියේ උඩුකය නිරුවත් කරගනිමින් විරෝධතාවයක නිරත වී තිබේ.

ලිංගික හිංසන වලට ලක්වන කාන්තාවන් සදහා වෙන්වූ #MeToo ජාත්‍යන්තර දැනුවත් කිරීමේ වැඩසටහන යට‍තේ ශ්‍රී රෙඩි මෙලෙස තම විරෝධය පල කර ඇති බව වැඩි දුරටත් සදහන් වේ.

මෙහිදී ඇය මාධ්‍යවේදීන් අමතමින් ශ්‍රී රෙඩි පවසා ඇත්තේ, ” ඔවුන් අපිව ගණිකාවන් ලෙස හඳුන්වනවා, අන් අය ගැන මම දන්නේ නැහැ, අන් අය ගැන කතා කරන් නැහැ මම. මට ඔප්පු කළ හැකි සාක්ෂි තියෙනවා. මීට විරෝධය පළ කරමින් මගේ සියලු ඇදුම් ඉවත් කරනවා. මම මගේ පවුල ගැන කල්පනා කරන්නේ නැහැ. මම අසාදාරණයට ලක්වන ගැහැණුන් ගැන කල්පනා කරමි”

කෙසේ නමුත් ප්‍රසිද්ධ ස්ථානයක නිරුවත ප්‍රදර්ශනය කිරීමේ වරද හේතුවෙන් පසුව ඇය හයිද්‍රාබාද් පොලීසිය විසින් අත් අඩංගුවට ගත් බවද මාධ්‍ය වාර්තා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *