අනූෂා කොඩිතුවක්කුට ලෝකඩ පදක්කමක්

(කොළඹ, ලංකාපුවත්) – 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කමක් හිමිකර ගැනීමට අනූෂා කොඩිතුවක්කු අද(11) සමත් විය.

එ් කිලෝ ග්‍රෑම් 45ට වැඩි 49ට අඩු බර පන්තියේ කාන්තා බොක්සිං ඉසව්වේ අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කරමින් ය .

21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල ඔස්ට්‍රේලියාවේ, ගෝල්ඩ්කෝස්ට්හිදී පැවැත්වෙනවා. අනූෂා කොඩිතුවක්කු අද අවසන් පූර්ව තරගයට සහභාගී වූයේ ඉන්දියාවේ මේරි කොම් ක්‍රීඩිකාව සමගයි.

එම තරගයෙන් අනූෂා පරාජයට පත්විය. ඒ, අනූව ඇයට එම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිවූ අතර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙට බොක්සිං කාන්තා ඉසව්වකින් මෙරට ක්‍රීඩිකාවකට පදක්කමක් හිමිවූ පළමු අවස්ථාව මෙයයි.

මෙවර ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට බර ඉසිලීමේ ඉසව්වලින් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් 2ක් හිමිවුණා. ශ්‍රී ලංකාව බොක්සිං ඉසව්වකින් පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කමක් දිනාගත්තේ වසර 68කට පසුව වීම ද විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × one =