ත්‍රී රෝද රථයක් ඇලකට පෙරළීමෙන් තිදෙනෙක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – ගම්පොල දොළුව ප්‍රධාන මාර්ගයේ, කහවත්ත අතුරු මාර්ගයේ තුන්දෙණිය හන්දියේදී ගම්පොල දෙසට ධාවනය වූ ත්‍රී රෝද රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ඊයේ (10) සවස 4.50ට පමණ ඇලකට පෙරලී තිබේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රී රෝද රථයේ රියදුරු ඇතුළු පිටුපස ගමන්ගත් තිදෙනෙකු බරපතල තුවාල ලබා ගම්පොල රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව පසුපස ගමන්කළ පුද්ගලයින් තිදෙනා ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය පැවසීය.

මියගිය පුද්ගලයින් වයස අවුරුදු 82, 74, 72 යන වයස් වල පසුවන අයවේ.

ගම්පොල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *