අදත් ගිගුරුම් සහිත වැසි

(කොළඹ, ලංකාපුවත්) – සවස් කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර සිටී.

විශේෂයෙන් බස්නාහිර, වයඹ, සබරගමුව, දකුණ, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වල මි. මී. 100ක පමණ තද වැසි බලාපොරොත්තු වේ.

ගිගුරුහ් සහිත තද වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තද සුළං ද ඇතිවිය හැකිය. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four + 13 =