කෝටි 17ක රන් බිස්කට් තලෙයිමන්නාරම් මුහුදු සීමාවෙන් අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) –රුපියල් කෝටි 17කට අධික වටිනාකමකින් යුත් රත්‍රං තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක දිනේෂ් බණ්ඩාර මහතා කියා සිටියේ තලෙයිමන්නාරම් මුහුදු සීමාවේදී මොවුන් අත්අඩංගුවට ගත් බවය.

බෝට්ටුවක ආධාරයෙන් මුහුදු මාර්ගයෙන් දිවයිනේ සිට ඉන්දියාවට රැගෙනයමින් තිබියදී මෙම රත්‍රං තොගය සොයාගෙන ඇත.

ග්‍රෑම් 100 බැගින් වූ රත්‍රං බිස්කට් 242ක් එහිදී හමුව තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා සහ රත්‍රං තොගය යාපනය රේගු කාර්යාලයට භාරදීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen − nine =