ඇල්ජීරියා ගුවන් අනතුරින් 257ක් මරුට – දින 03ක ශෝක කාලයක්

(කොළඹ, ලංකාපුවත්) – ඇල්ජීරියාවේ සිදුවු ගුවන්යානා අනතුරින් පුද්ගලයන් 257 දෙනෙකු මියගොස් ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

එරට හමුදාවට අයත් මෙම යානය ගුවන් ගත වී සුළු වේලාවකට පසු එය අනතුරට පත්වූ බව ඇල්ජීරියා ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.

කෙසේවෙතත් යානය අනතුරට ලක්වීමට හේතුවක් මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නොමැත.

ඇල්ජීරියා ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කළේ සිද්ධිය පිළිබඳ මේ වන විට විශේෂ විමර්ශණයක් ආරම්භ වී ඇති බවය.

මිය ගිය අයගෙන් වැඩිදෙනෙකු හමුදා නිලධාරීන වේ. එසේම මියගිය පුද්ගලයන්ගේ පවුල්වල ඥාතීන් වෙත කණගාටුව ප්‍රකාශ කරමින් අමාත්‍යංශය විශේෂ නිවේදනයක් ද නිකුත්කර ඇත.

ඇල්ජීරියාවේ සිදු වූ දරුණුතම ගුවන් අනතුර මෙය ලෙසද සැලකේ.

මේ සම්බන්ධයෙන් දින තුනක ජාතික ශෝක කාලයක් ද එරට රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *