ඉන්දීය ධීවරයින් 27 දෙනෙකු යළි එරටට

(කොළඹ, ලංකාපුවත්) – අත්අඩංගුවට පත්ව සිටි ඉන්දීය ධීවරයින් 27 දෙනෙකු යළි එරටට භාර දීම ඊයේ (11) ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව සිදු කෙරුණි.

මොවුන් අත්අඩංගුවට ගැනුණේ, ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙනි.

ඒ මෙම වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවල දී කරෙයිනගර් සහ මන්නාරම මුහුදු සීමාවේදී ය.

එම ඉන්දීය ධීවරයින් පිරිස භාර දීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සීජී 401 සහ සීජී 402 යන වේග ප්‍රහාරක යාත්‍රාවන් එක් විය.

ඒ අනුව, ඔවුන් ඊයේ දහවල් කන්කසන්තුරයට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ ‘රානි ගයිදින්ලියූ’ නෞකාව වෙත භාර දීමට කටයුතු කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *