වැස්ස නිසා ඉන්දියාවේ 12ක් ජීවිතක්‍ෂයට

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ ඩෝල්පූර් සහ භාරත්පූර් දිස්ත්‍රික්වලට බලපෑ අධික වර්ෂාවෙන් පුද්ගලයන් 12දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගස් සහ නිවාස ඇද වැටීමෙනි. නිවාස පෙළක ඇති වූ ගින්නකින්ද පුද්ගලයන් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මාර්ග රැසක් ද ජලයෙන් යට වී තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. දුම්රිය ධාවන කටයුතුවලට ද බාධා එල්ල වී තිබේ.

කාලගුණ අංශ පවසන්නේ රාජස්ථාන්හි මෙම අයහපත් කාලගුණික තත්ත්වය ලබන ඉරිදා තෙක් පැවතිය හැකි බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *