විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වැඩවර්ජනය සම්බන්ධයෙන් වන මාධ්‍ය නිවේදනය

(කොළඹ, ලංකාපුවත්) –ඉහත වැඩවර්ජනයට මූලික වූ ඉල්ලීම් සම්බන්ධයෙන් සළකා බලනු ලැබූ රජය විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයින්ට දැනට මූලික වැටුපෙන් සියයට 35%ක ප්‍රමාණයක් ලෙස ගෙවනු ලබන මාසික හිලව් දීමනාව තවදුරටත් මූලික වැටුපෙන් සියයට 10%ක ප්‍රතිශතයකින් වැඩි කිරීමට තීරණය කර ඇත.

මේ බව දැනටමත් විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව වෙත ලිඛිතව දැනුම් දී ඇති බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය නිවේදනය කරයි.

නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වෙයි.

එසේම අනධ්‍යයන සේවකයින්ගේ විශ්‍රාම වැටුප් ගෙවීම, පොදු රක්ෂණ ක්‍රමයක් ඇති කිරීම වැනි අනෙකුත් ඉල්ලීම් සම්බන්ධයෙන් අධ්‍යයනය කර සුදුසු විසඳුම් ලබාදීම සඳහා ගරු උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමා විසින් ස්වාධීන කමිටුවක් පත් කිරීමට එකඟ වී ඇති අතර ඒ සම්බන්ධයෙන් වෘත්තීය සමිති ඒකාබන්ධ කමිටුව ද තම එකඟතාවය පළ කර ඇත.

ඒ අනුව මෙම වැඩවර්ජනයට පාදක වූ ප්‍රධන ඉල්ලීම ඉටු කිරීමට දැනටමත් කටයුතු කර ඇති බැවින් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ දැනට ක්‍රියාත්මක අනධ්‍යයන කාර්ය මණ්ඩල වැඩ වර්ජනයේ යෙදී සිටින සියලුම සේවකයින් 2018
අප්‍රේල් 17වන දිනට හෝ ඊට පෙර දිනයක රාජකාරියට වාර්තා කළ යුතු බව දන්වනු ලැබේ.

විශ්වවිද්‍යාලවල අධ්‍යාපන ලබන ශිෂ්‍ය/ශිෂ්‍යාවන්ගේ අධ්‍යයන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරය සැකසීම පිණිස අධ්‍යයන කටයුතු සඳහා විශ්වවිද්‍යාල වහාම විවෘත කිරීමේ අවශ්‍යතාවය රජය අවධාරණය කර සිටී.ඒ අනුව 2018 අප්‍රේල් 17 වන දින හෝ ඊට පෙර දිනයක සේවයට වාර්තා නොකරනු ලබන සේවකයන් සම්බන්ධයෙන් පහත සඳහන් පියවර ගැනීමට තීරණය කර ඇත.

01- 2018 අප්‍රේල් 17 වන දින හෝ ඊට පෙර සේවයට වාර්තා නොකරන පරිවාස,අනියම්,තාවකාලික,ආදේශක,සේවා පැවරුම්,පුහුණුවන සහ කොන්ත්‍රාත් පදනම මත සේවයේ නියුතු සියලු
විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයින් තම සේවය අතහැර ගියා සේ සළකනු ලැබේ.

02- එමෙන් ම එදිනට සේවයට වාර්තා නොකරන, තවදුරටත් වැඩවර්ජනයේ යෙදී සිටින ස්ථීර සේවයේ නියුතු සියලු විශ්වවිද්‍යාලවල අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයින්ගේ ඔවුන් වර්ජනයේ යෙදී සිටින කාලසීමාව වැටුප්
රහිත කාලසීමාවක් ලෙස සැලකීමට 2007-06-07 දින නිකුත් කර ඇති කොමිෂන් සභා චකේලේඛ අංක 890 ප්‍රකාරව කටයුතු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *