CITES ගිවිසුමට අත්සන් තැබේ-මෙහෙයුම් කාර්යාලයත් විවෘත වෙයි

(කොළඹ, ලංකාපුවත්) –”වඳ වී යාමේ තර්ජනයට මුහුණ පාන සත්ව වර්ගයන්හි අන්තර්ජාතික වෙළෙඳාම පිළිබඳ සම්මුතියෙහි පාර්ශවකරුවන්ගේ 2019 සමුළුව”ට (CITES) අදාළ ගිවිසුමට බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා, අමාත්‍යංශයේ දී පසුගිය දා අත්සන් තැබීය.

එමෙන්ම CITES මෙහෙයුම් කාර්යාලය ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ – විජේරාම මාවත අංක 115 යන ස්ථානයේ දී විවෘත කෙරිණි.

එම අවස්ථාවන්ට බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් චන්ද්‍රප්‍රේම ගමගේ මහතා මෙන්ම CITES ශ්‍රී ලංකා කාර්යාලයේ ජාතික සංවිධායක සී. මාලියද්ද මහතා හා සම්බන්ධීකාරක ආචාර්ය සෙව්වන්දි ජයකොඩි මහත්මිය ද එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *