අනුර ද සිල්වා සාෆ් පාපන්දු සම්මේලනයේ උපසභාපති ධූරයකට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රීලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ උප සභාපතිවරයෙකු ලෙස අප්‍රේල් 11 වැනිදා බංග්ලාදේශයේ ඩකාහි පැවැති දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ වාර්ෂික මහසභා රැස්වීමේදී පත්විය.

බංග්ලාදේශයේ කාසි සලහඋද්දීන් මහතා සභාපතිවරයා ලෙස තේරී පත්වී ඇති අතර පකිස්තානය හා නේපාලයට ද උපසභාපති තනතුරු බෙදීගොස් තිබේ.

තමන් හට පිරිනැමුනු සාෆ් කළාපීය උපසභාපති ධූරය පිළිබඳ අදහස් දක්වමින් අනුර ද සිල්වා මහතා පැවසුවේ ශ්‍රීලංකාවේ පාපන්දු ක්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහා මෙම තනතුර ඉවහල් කර ගන්නා බවයි.

එමෙන්ම සාෆ් පාපන්දු සම්මේලනයට යෝජනාවක් කරමින් ඒ මහතා ඉල්ලා සිටියේ වයස 18න් පහල සාෆ් පාපන්දු තරඟාවලියක් වාර්ෂිකව පැවැත්විය යුතු බවත්, එසේ කළහොත් කළාපීය තරුණ පාපන්දු ක්‍රීඩකයන් හට ජාත්‍යන්තර තරඟ අත්දැකීමක් අත්දැකීමක් ලබා ගැනීමට එය බෙහෙවින් ඉවහල් වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 3 =