බොරලැස්ගමුව වැවේ තිබී මළ සිරුරක් හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – මහරගම, බොරලැස්ගමුව වැවේ තිබී හමුවූ පිරිමි මළ සිරුරක් සම්බන්ධයෙන් මහරගම පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

ඊයේ(15) සවස 2.50ට පමණ 119 පොලිස් ඇමතුම් මධ්‍යස්ථානයේ ලද තොරතුරකට අනුව මහරගම පොලිසිය මේ සම්බන්ධ විමර්ශන ආරම්භ කර තිබේ.

මරණකරු වයස අවුරුදු 56ක් වූ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි අයෙකි. මහේස්ත්‍රාත් පරීක්‍ෂණය සිදු කිරීමෙන් අනතුරුව මෘත ශරීරය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.

පශ්චාත් මරණ පරීක්‍ෂණය ඇද(16) සිදු කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *