කැනඩා ජාතික ඝාතකයාගේ 08වැනි බිල්ල ශ්‍රී ලාංකිකයෙක්

(කොළඹ, ලංකාපුවත්) – බෘස් මැක්ආතර් නමැති කැනේඩියානු ජාතිකයෙකුට පුද්ගල ඝාතන අටක් සදහා චෝදනා එල්ල වී ඇත.

අදාළ ඝාතකයා විසින් තමන්ගේ 8 වෙනි ඝාතනය ලෙස ශ්‍රී ලාංකිකයෙකු ඝාතනයට ලක් කර ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කර තිබේ.

කැනඩා පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත්තේ අවුරුදු 66 ක් පමණ වයසැති ඔහු විසින් කිරුෂ්නා කුමාර් කනගරත්නම් නමැති වයස අවුරුදු 37ක පුද්ගලයෙකු මෙලෙස ඝාතනයට ලක් කර ඇති බවය.

කනගරත්නම් නැමැති පුද්ගලයා 2015 සැප්තැම්බර් 3 සහ දෙසැම්බර් 14 අතර කාලයකදී මිය ගිය බව ටොරොන්ටෝ පොලීසිය සැක පළ කර සිටියි. 2010 දී කැනඩාවට පැමිණි ඔහු ටොරොන්ටෝ ප්‍රදේශයේ ජීවත්ව ඇතැයි සදහන් වේ.

මාර්තු මාසයේ දී, ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ ඡායාරූපයක් පොලීසිය විසින් මාධ්‍ය ඔස්සේ පළ කර තිබූ අතර ඒ ඔස්සේ කළ පරීක්ෂණවලදී මෙම ඝාතක සැකකරු සොයාගෙන තිබේ.

66 හැවිරිදි බෘස් මැක්ආතර්, පසුගිය ජනවාරි මාසයේදී මුලින්ම අත්අඩංගුවට ගනු ලැබුවේ මිනී මැරීමේ චෝදනා මතය.

ඊයේ(17) අවසන් වරට නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසා ඇත්තේ සාර්ථක ලෙස සැකකරු හඳුනාගෙන ඇති බවයි.

ටොරොන්ටෝ පොලිස් පරීක්ෂක හැන්ක් ඉඩ්සින්ගා පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ජීවත් වන කනගරත්නම්ගේ පවුලට ඔහුගේ මරණය පිළිබඳ සති අන්තයේදී දැනුම් දුන් බවයි.

පොලිසිය සදහන් කර ඇත්තේ මැක්ආතර්, ඔහු විසින් ඝාතනය කළ පුද්ගලයින් සමග යම් ආකාරයක මිත්‍රත්වයක් පවත්වා ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *