නික් පෝතාස් ඉවත්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩාමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ නික් පෝතාස් මහතා එම ධුරයෙන් ඉවත්වී තිබේ.
පන්දු යැවීමේ පුහුණුකරු ලෙස වසර දෙකක කාලයක් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමගින් කටයුතු කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ මහතා පත්වීමට පෙර කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙසත්, නික් පෝතාස් කටයුතු කරනු ලදි.

කෙසේ වෙතත් චන්දික හතුරුසිංහ මහතා වැඩභාර ගැනීමෙන් අනතුරුව ඔහු සහාය පුහුණුකරු ලෙස සේවය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටි බව වාර්තා වේ. එහෙත් ඊට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟ වී නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight + eleven =