සංචාරක කටයුතු නංවන්න අගමැති බගවන්තලාවේ

(කොළඹ, ලංකාපුවත්) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(17) උදෑසන බගවන්තලාව ප්‍රදේශයේ සංචාරයක නිරත විය. එම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම පිළිබඳව සොයා බැලීම එම සංචාරයේ අරමුණ වේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බගවන්තලාව ටින්සින් ප්‍රදේශයේ මෙලෙස සංචාරයක නිරත විය. එම ප්‍රදේශයේ ගොල්ෆ් ක්‍රීඩාංගනයක් ඉදිකිරීම සම්බන්ධයෙන් සොයා බැලීම ද සිදු කෙරුණි.

බංවන්තලාව කෙසෙල්ගමුඔය අසළ විශාල ඉඩමක මෙම ගොල්ෆ් ක්‍රීඩාංගනය ඉදිකිරීමට අවධානය යොමු වී ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී කේ කේ පියදාස මහතා ඇතුලු ජනතා නියෝජිතයන් කිහිප දෙනෙකු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 1 =