ICTA නව අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතට

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර ඇත.

ඒ අනුව නව අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති ලෙස මහාචාර්ය රොහාන් සමරජීව මහතා පත්කර තිබේ.

මහාචාර්ය සමරජීව මහතා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් ක්‍රියාත්මක කරන ලද ඉ-ශ්‍රී ලංකා ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සංවර්ධන වැඩපිලිවෙළේ මුලික සැලසුම් සකස් කිරීමෙහි ලා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ අයෙකි.

මහාචාර්ය සමරජීව මහතා විදුලි සන්දේශ හා නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන්ද කටයුතු කර ඇත.

නව අධ්‍යක්ෂ මණ්ඩලය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය, සයිබර් ආරක්ෂණය හා ව්‍යාපාර ක්‍රියාවලි බාහරකරණය (BPO) පිළිබඳ විශේෂඥයින්ගෙන් හා විද්වතුන්ගෙන් සමන්විත වේ.

විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය යටතේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ක්‍රියාත්මක වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *