කැලණි ගඟේ නෑමට ගිය ටෙලි නිළිය මරුට

(කොළඹ, ලංකාපුවත්) – කැලණි ගඟේ දිය නෑමට ගිය අවුරුදු 27ක එක් දරු මවක කැලණි ගඟේ ගිලී ජීවිතක්ෂයට පත්වී ඇති බව ගිනිගත්හේන ‍පොලීසිය සදහන් කළේය.

මහනුවර උගුරැස්ස ප්‍රදේශයේ පදිංචි තුෂානි ද සිල්වා නමැති ටෙලි නාට්‍ය සහය නිළියක් මෙසේ මියගොස් ඇත.

පවු‍ලේ සාමාජිකයන් සමග කිතුල්ගල ප්‍රදේශයේ සංචාරයකට පැමිණි මෙම කාන්තාව ගිනිගත්හේන කළුගල යටිබේරිය ප්‍රදේශයේදී ගඟේ ඊයේ (17) පස්වරු 1.30 පමණ දිය නාමින් සිටියදී සැඩ පහරකට හසු වී ගඟේ ගසාගෙන ගොස් තිබේ.

පවු‍ලේ සාමාජිකයන් හා ප්‍රදේශවාසීන් එක්ව සැඩ පහරට හසු වී ගසාගෙන ගිය කාන්තාව සොයා සිදු කළ මෙහෙයුමකින් පසුව එම කාන්තාවගේ සිරුර දිය නෑ ස්ථානයට මදක් දුරින් කැලණි ගඟේම තිබි සොයා ගෙන ඇති අතර එම සිරුර කිතුල්ගල තැලිගම රෝහල වෙත යොමු කර ඇත.

ජීවිතක්ෂයට පත් කාන්තාව දිය නෑ ස්ථානය දිය නෑම අවදානම් බව සඳහන් කරමින් දැන්වීම් පුවරු පවා සවි කර ඇති බව ගිනිගත්හේන ‍පොලීසියේ ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක සරත් සමරවික්‍රම මහතා කියා සිටියේය.

දිය නෑමට කැලණි ගඟට බැස ඇති මෙම කාන්තාව කැලණි ගඟේ මැදට ගිය බවත්, ගඟ මැදට නොයන ලෙස පවු‍ලේ සාමාජිකයන් ඇයට කෑ ගසා කී බවත් ඇගේ ඥාතියකු පැවසීය. මෙම විනෝද චාරිකාව සඳහා මියගිය කාන්තාවගේ මව සහ පියාද එක්වී ඇති අතර එම විනෝද චාරිකාව සම්බන්ධයෙන් මව සහ පියා අතර මතභේදයක්ද හටගෙන තිබූ බව ගිනිගත්හේන ‍පොලීසිය කියයි.

මෙම අනතුර පිළිබඳව ගිනිගත්හේන ‍පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *