පාර්ලිමේන්තුව විසුරුවන්න අවුරුදු දෙකහමාරක් තියෙනවා – එස්.එම්.මරික්කාර්

(කොළඹ, ලංකාපුවත්) – පොහොට්ටු පක්ෂ යේ දැන් උත්සාහ කරනු ලබන්නේ පාර්ලිමේන්තුව විසුරුවීමට බවත් නමුත් පාර්ලිමේන්තුව විසුරුවන්න අවුරුදු දෙකහමාරක් තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලද්දේ කොළොන්නාව එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවක දීය.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් එහිදී මෙසේ ද පැවසීය.

“පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුව ජයග්‍රහණයක් ලබාගත්තා යැයි කියලා නිකං ආණ්ඩු බලය පිහිටුවා ගත්තා වාගේ එකක් සමරන්න උත්සාහ කරනවා. හැබැයි ගත්තේ 39% දශම ගානයි ඡන්ද. ඒ නිසා තමයි පොහොට්ටුව විශ්වාසභංග යෝජනාවක් ගෙනල්ලා ඉල්ලගෙන කෑවේ. ඊට පස්සේ ඒ අයට දැන් අලුත්ම කතාව තමයි තව අවුරුදු 2කට වඩා තියෙන පාර්ලිමේන්තුව විසුරුවන එක. නමුත් පාර්ලිමේන්තුව විසුරුවන්න අවුරුදු දෙකහමාරක් තියනවා. අපිට ජනාධිපතිතුමා එක්ක එකතු වෙලා ජනවාරි මාසෙ 08 වෙනිදා ලබා ගත්තු වරම වෙනුවෙන් පොරොන්දු වෙච්ච දේ ඉෂ්ට කරන්න දැන්වත් අපිට වැඩ කරන්න පුළුවන් පිළිවෙලකට.“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *