තැපැල් මගින් ගෙන්වූ හෂීස් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන

(කොළඹ, ලංකාපුවත්) – නීතිවිරෝධී ලෙස නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි නිදහස් මාධ්‍යවේදියෙකුගේ නමට එවා ඇති හෂීස් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් රේගුව විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු කරනු ලැබේ.

නීතිවිරෝධී ලෙස මෙරටට තැපැල් මගින් ගෙන්වූ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකහමාරක් ඊයේ(17) අත්අඩංගුවට ගනු ලැබීය.

මධ්‍යම තැපැල් හුවමාරුවේ පාර්සල් අංශයේ රේගු නිලධාරීන් විසින් මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන තිබුණි. හෂීස් මත්ද්‍රව්‍ය තොගයේ වෙළෙඳපොල වටිනාකම රුපියල් මිලියන 2කට ආසන්න බවද එම නිලධාරීන් පැවසීය.

නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි නිදහස් මාධ්‍යවේදියෙකුගේ නමට මෙම මත්ද්‍රව්‍ය තොගය එවා තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *