අපරාධවලට සම්බන්ධ හා මත් ජාවාරමේ නිරත දෙදෙනෙක් STF අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වලට සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන බවට සැකකෙරෙන පුද්ගලයින් දෙදෙනෙකුව තොටලඟ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අද(20) උදෑසන එම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

මෙලෙස අතඅඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 23ක් වූ ඩිල්ෂාන් මධුවන්ත නැමැති අයෙක් සහ වයස අවුරුදු 26ක් වූ සුසන්ත නැමැති අයෙකි. ඔවුන් දෙදෙනා කොළඹ 15, ෆර්ගියුෂන් පාරේ පදිංචි දෙදෙනෙකි.

අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සදහා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයට භාර දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × five =