හොරණ රබර් කර්මාන්ත ශාලාවේ මෙහෙයුම් කටයුතු නවතයි

(කොළඹ, ලංකාපුවත්) – ඇමෝනියා ආග්‍රහණය වීමෙන් පස්දෙනෙකුට මරු කැඳවූ සිද්ධියට අදාළ හොරණ, බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව නතර කර තිබේ.

ඒ අනුව පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් මෙලෙස අදාළ කර්මාන්ත ශාලාවේ මෙහෙයුම් කටයුතු නැවැත්වීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර ඇත.

මේ අතර මෙම රබර් කර්මාන්ත ශාලාවේ කළමනාකරු ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. හොරණ වැඩ බලන මහේස්ත්‍රාත්වරිය විසින් අද(20) එම නියෝගය ලබා දුන්නාය.

මෙම රබර් කර්මාන්ත ශාලාවක ඇමෝනියම් ටැංකියකට වැටීමෙන් හා එම රසායනිකය ආඝ්‍රහනය වීමෙන් පුද්ගලයන් පස් දෙනෙකු ඊයේ(19)ජීවිතක්‍ෂයට පත්විය. තවත් 20දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × one =