අත්තනගල්ල සංගීත ප්‍රසංගයේ වෙඩි තැබීමට අදාළ අයෙක් අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – නිට්ටඹුව, අත්තනගල්ල ප්‍රදේශයේ පැවැති සංගීත ප්‍රසංගයක් අතරතුර සිදුවූ පුද්ගල ඝාතනයට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

පසුගිය 21වනදා රාත්‍රියේ දී අත්තනගල්ල ප්‍රදේශයේ පැවැති සංගීත ප්‍රසංගයක් අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් වයස අවුරුදු 37ක පුද්ගලයෙකු මියගිය අතර එහිදී පුද්ගලයින් තිදෙනෙකු හා කාන්තාවක් ඇතුළු සිව් දෙනෙකු තුවාල ලැබීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෙම වෙඩි තැබීමට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බවය. සැකකරු වයස අවුරුදු 42ක් වූ අත්තනගල්ල ප්‍රදේශයේ පංදිචි අයෙකි.

සැකකරු අද(23) අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 37 හැවිරිදි ව්‍යාපාරිකයෙකු බව පොලීසිය සඳහන් කළේය.

අදාළ ව්‍යාපාරිකයා සමඟ ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා නිට්ටඹුව පොලීසියට අමතරව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගෙන් සමන්විත නිලධාරීන් කණ්ඩායමක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten + thirteen =