ඇෆ්ගනිස්තානයේ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකාව හෙලා දකියි

(කොළඹ, ලංකාපුවත්) – ඇෆ්ගනිස්තානයේ කාබුල්හි ඊයේ (22) සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ශ්‍රී ලංකා රජය කණගාටුව පළ කර තිබේ.

කාබුල් නුවර පිහිටි ඡන්ද දායකයින් ලියාපදිංචි කිරීමේ මධ්‍යස්ථානයක් ඉදිරිපිට සිදු වූ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 57ක් මිය ගිය අතර තවත් 119 ක පිරිසක් තුවාල ලැබීය.

අදාළ ප්‍රහාරය අයි එස් සංවිධානය විසින් සිදුකර ඇති බවට ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අංශ ප්‍රකාශ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරන ලද්දේ ඡන්ද දායකයින් ලියාපදිංචි කිරීමේ මධ්‍යස්ථානයක් ඉදිරිපිට සිදු වූ මෙම ප්‍රහාරය ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව එල්ල වූ දරුණු ත්‍රස්ත ප්‍රහාරයක් බවත් එය දැඩි ලෙස ශ්‍රී ලංකා රජය හෙළා දකින බවත්ය. මෙම ප්‍රහාරයෙන් දිවි අහිමි වූ සහ තුවාල ලැබූ සියලු දෙනාගේ පවුල්වලට කණගාටුව ප්‍රකාශ කරන බවද සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *