කේට් කුමරිය තුන්වන දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – ගර්භනීව සිටින බ්‍රිතාන්‍යයේ කේට් මිඩ්ල්ටන් කුමරිය සිය තුන්වන දරුවා බිහිකිරීම සදහා රෝහල් ගතව ඇත.

බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ලන්ඩනයේ පිහිටි ශාන්ත මේරි රෝහලට ඇයව අද (23) දින ඇතුලත් කර ඇති බවය‍.
මේ අනුව බිහිවීමට නියමිත රාජකීය දරුවා කිරුලට හිමිකම් කියන පස්වැන්නා බවට පත් වේ. දරුවා ගැහැණු දරුවෙකු වුවහොත් මේරි , ඇලිස් සහ වික්ටෝරියා යන නම්ද , පිරිමි දරුවෙකු වුවහොත් ඇල්බට් , ආතර් සහ ෆ්‍රෙඩ් යන නම්ද යෝජනා වී තිබේ.

විලියම් කුමරුගේ බිරිද වන කේට් මිඩ්ල්ටන් කේම්බ්‍රිජ් ආදිපාදවරියයි. බිහිවීමට නියමිත දරුවා බ්‍රිතාන්‍ය මහ රැජිනගේ හයවැනි මුණුපුරා හෝ මිණිපිරිය බවට පත්වේ.

පවුලේ තුන්වැනි දරුවා කිරුළ හිමිකර ගැනීම සිදු වන්නේ ඉතා කලාතුරකිනි. 1830 වසරේදී 4 වෙනි විලියම් රජු බලයට පත්වීම පමණක් ඉතිහාසයේ එවැනි සිද්ධියකට උදාහරණයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen − four =