දෙවන පාසල් වාරය අද ඇරඹෙයි

(කොළඹ, ලංකාපුවත්) –රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල දෙවන පාසල් වාරය අද (23) ආරම්භ වේ.

මුස්ලිම් පාසල් සඳහා පසුගිය 18 වනදා දෙවන පාසල් වාරය ආරම්භ වු බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් පළමු පාසල් වාරය පසුගිය 06 වන දිනෙන් අවසන් වූ අතර මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් වාරය මෙම මස 11 වන දිනෙන් අවසන් විය.

මේ අතර නව පාසල් වාරය ආරම්භ වීමට පෙර ඊයේ දිවයිනේ සියලු පාසල් වල පවිත්‍රතා වැඩසටහන් ක්‍රියාත්මක විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 + 17 =