(කොළඹ, ලංකාපුවත්) – කේම්බ්‍රිජ් හි ආදිපාදවරිය හෙවත් කේට් මිඩ්ල්ටන් සිය තුන්වන දරු ප්‍රසූතිය අද(23) සිදු කළ බව බ්‍රිතාන්‍ය රජ පවුල නිවේදනය කළේය.
රාත්තල් 8 යි අවුන්ස 7ක බරින් යුතු අලුත උපන් කුමාරයා සහ කේම්බ්‍රිජ් හි ආදිපාදවරිය සුවෙන් සිටින බවද කෙන්ස්ටන් මාලිගය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
පුත් කුමරා බිහිවන අවස්ථාවේ දී විලියම් කුමරු ද එහි රැදී සිට තිබේ.
ලන්ඩන් නුවර ශාන්ත මේරි රෝහලේ උපත ලැබූ නව දරුවා සමග බ්‍රිතාන්‍ය රජ පවුලේ කිරීටයට උරුමකම් කියන පස්වෙනියා බවට මෙම කුමරා පත්වනු ඇත.