මවක්, දරුවා ඝාතනය කර සියදිවි නසා ගනියි

(කොළඹ, ලංකාපුවත්) – හිනිදුම පොලිස් වසමේ හබරකඩ ප්‍රදේශයේ නිවසක වයස අවුරුදු 32 ක කාන්තාවක් ඇයගේ මාස 10 ක් වයසැති පිරිමි දරුවා ඝාතනය කර එම කාන්තාව ද නිවස තුළ ගෙල වැළලාගෙන මිය ගොස් ඇත.

හබරකඩ, හිනිදුම පොලිස් වසමේ සමඟි මාවතේ, ඇල ඉහළ ප්‍රදේශයේ මෙම නිවස පිහිටා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරන ලද්දේ අද(23) උදෑසන 10 ට පමණ මෙම සිදුවීම සිදුව ඇති බවය.

එම කාන්තාව මානසික ආබාධයකට ප්‍රතිකාර ලබා ගන්නා බවට අනාවරණ වී ඇත.

හිනිදුම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve + 8 =