මාස අටේ දරුවා සමග පියා දුම්රියට පනී

(කොළඹ, ලංකාපුවත්) – කුරුණෑගල, පල්ලෙකොටුව ප්‍රදේශයේ පුද්ගලයෙකු සිය මාස අට වයසැති බිළින්දා සමඟ දුම්රියට පැන සිය දිවි නසාගෙන ඇත.

ඊයේ (22) සවස 3.10ට පමණ කන්කසන්තුරය සිට මාතර බලා ධාවනය වූ දුම්රියට මෙම පිය- පුතු දෙපල පැන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 30වූ වැල්ලව ප්‍රදේශයේ පදිංචි අයෙකු සහ මාස 08ක් වන ඔහු පුත්‍රයා ය.

මාතෘ ශරීර කුරුණෑගල රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද(23) සිදු කිරීමට නියමිතය. වැල්ලව පොලිසිය මේ සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty + 16 =