වයස අවුරුදු 35 ඉක්මවූ උපාධිධාරීන්ට සාධාරණය ඉටු කිරීමට ඇමති රංගේ බණ්ඩාර මැදිහත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – උපාධිධාරීන් සංවර්ධන නිලධාරීන් ලෙස බදවා ගැනීමේදී වඩාත් සාධාරණ ලෙස එම වැඩපිළිවෙල කි‍්‍රයාවට නගන්නැයි රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යංශයෙන් ඉල්ලීමක් සිදු කර තිබේ.

වයඹ පළාතේ උපාධිධාරීන් විසින් සිදු කළ ඉල්ලීමකට අනුව අමාත්‍යවරයා මෙම කටයුත්තට මැදිහත් වී ඇත.

වයඹ පළාත් උපාධිධාරී සංගමයේ නියෝජිතයින් පිරිසක් පසුගියදා ආණමඩුවේදී අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා හමු වී කියා සිටියේ උපාධිධාරීන් සංවර්ධන නිලධාරීන් ලෙස බඳවා ගැනීමේදී වයස අවුරුදු 35 ඉක්මවූ උපාධිධාරීන්ට බලවත් අසාධාරණයක් සිදුවන බවයි. රජයේ නව වැඩපිළිවෙල යටතේ වයස 35 ඉක්මවූවන්ට එම තනතුරු සඳහා ඉල්ලූම් කිරීමේ අවස්ථාව අහිමි වී ඇති බව ඔවුහූ පැවසූහ.

මෙම සාකච්ඡුාව සිදුවන අවස්ථාවේම ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අචාර්ය හර්ෂද සිල්වා මහතා දුරකතනයෙන් සම්බන්ධ කර ගනිමින් මේ පිළිබඳ කරුණු විමසීමට අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පියවර ගත්තේය. මේ පිළිබඳ දීර්ඝ ලෙස සිදු වූ එම සාකච්ඡුාවේදී අමාත්‍ය හර්ෂද සිල්වා මහතා ප‍්‍රකාශ කර ඇත්තේ මෙම කාරණය පිළිබඳ පූර්ණ අවදානය යොමු කරන බවයි. එමෙන්ම වයස අවුරුදු 35 ඉක්මවූ උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා ක‍්‍රමවත් වැඩපිළිවෙලක් සම්පාදනය කිරීමට අදාලව අගමැතිවරයා සමග සාකච්ඡුා සිදු කරන බවත් අමාත්‍යවරයා පවසා තිබේ. මෙහිදී අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ යෝජනාව වූයේ වයස අවුරුදු 45 සීමාව රාජ්‍ය සේවාව සඳහා ඇතුලත් වීමේ අවම වයස් සීමාව ලෙස සැලකීම ඉතා සුදුසු බවයි. එසේ නොවන්නේනම් උගත් පිරිසට අසාධාරණයක් සිදුවන බවද ඔහු පැහැදිලි කළේය.

මේ අතර අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා උපාධිධාරී නියෝජිතයින් වෙත පොරොන්දු වුයේ මෙම ගැටළුවට විසිඳුමක් ලබා දීම සඳහා තමන් මැදිහත් වන බවටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × one =