ජනපති – අගමැති හමුවක්

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් අද (23) සාකච්ඡාවක් පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

එම සාකච්ඡාවෙන් පසුව කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් තීරණයට එළඹෙනු ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙම අදහස් පළ කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *