වසරේ පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය මොහොමඩ් සාලා ට

(කොළඹ, ලංකාපුවත්) – ඊජිප්තු පාපන්දු කණ්ඩායමේ හා ලිවර්පුල් කණ්ඩායමේ ඉදිරි පෙළ ක්‍රීඩක මොහොමඩ් සාලා වසරේ පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගත්තේ ය.

ඒ වෘත්තීමය පාපන්දු ක්‍රීඩකයින්ගේ සම්මාන ප්‍රධාන උත්සවයේදී.

2018 වසරේ ජාත්‍යන්තර සහ අන්තර් සමාජ තරගවලදී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් ඇගයීම සඳහා වෘත්තීමය පාපන්දු ක්‍රීඩකයින්ගේ සම්මේලනය විසින් සංවිධානය කළ මෙම සම්මාන රාත්‍රීය එංගලන්තයේ ලන්ඩන් නුවරදී පැවැත්විණ.

2018 වර්ෂයේ වසරේ පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත් ඊජිප්තුවේ මොහොමඩ් සාලා වාර්තා අතරට එක් වන්නේ වෘත්තීමය පාපන්දු ක්‍රීඩකයින්ගේ සම්මාන රාත්‍රීයේදී සම්මානයකින් පිදුම් ලද පළමු ඊජිප්තු ක්‍රීඩකයා ලෙසයි.

සාලා මේ වන විට එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේදී ගෝල 31 ක් වාර්තා කිරීමට සමත්ව ඇත්තේ තරග 38 කිනි.

බෙල්ජියමේ කෙවින් ඩි බෘයින් ,ස්පාඤ්ඤයේ ඩේවිඩ් ඩි ගී , හා එංගලන්තයේ හැරි කේන් වැනි සුපිරි ක්‍රීඩකයින් රැසක් අභිබවමින් සාලා මෙම සම්මානය දිනා ගත්තේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *