කොළ කිහිපයක් – ජීවිත ගොඩක් වෙනුවෙන් සිරිපා අඩවියේ උපදී

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී පාදය කියන්නේ දිවයිනේ සතර දිග්භාගයෙන් පැමිණෙන ජනතාව පමණක් නොව, විදේශිකයන් පවා ඒකරාශීවන ශුද්ධ භූමියක්.

එසේ එකතු වූ සැදෑවතුන් වෙනුවෙනුයි, අප මේ කියන්න යන වැඩසටහන දියත් කෙරුණේ. ඒ ඩෙංගු පිළිබඳ වැඩසටහනක්. සබරගමුව පළාතේ ප්‍රධාන සංඝනායක ඌව විශ්වවිද්‍යාලයේ කුලපති ශ්‍රීපංදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ අනුශාසනා පරිදි, නල්ලතන්නිය කල්පරුක්ෂ මහා විහාරයේ විහාරාධිපති පුජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ අනුශාසනා පරිදි, නල්ලතන්නිය කල්පරුක්ෂ මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය දෙහිපේ නන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන ක්‍රියාත්මක කෙරුණා.

කොළ කිහිපයක් – ජීවිත ගොඩක් වෙනුවෙන් ලෙස වැඩසටහන නම් කර තිබුණා. එහිදී පාසල් දරුවන් සහ ව්‍යාපාරිකයන්ට ඩෙංගු පිළිබඳව දැනුවත් කිරීමේ අත්පොතක් බෙදාදෙනු ලැබුවා. ජීවිතය, ආදරය, ඉතිහාසය, විද්‍යාව, පරිසරය පිළිබඳ අනාගත අභියෝග ග්‍රන්ථයට ඇතුළත්. එය සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාවන්ට පරිවර්තනය කර තිබෙනවා.

ග්‍රන්ථය රචනා කර ඇත්තේ ආර්.බී.ජී මැණික්දිවෙන මහතා විසින්.ජනතාව අතර, පරිසරය පිළිබඳ චර්යාත්මක වෙනසක් ඇති කිරීම වැඩසටහනේ ඇරමුණයි. වැඩසටහන යටතේ පාසල්වලට ඩෙංගු පිළිබඳ පණිවුඩ ඇතුළත් පෝස්ටර්, පත්‍රිකා බෙදාදෙනු ලැබුවා. පරිසරය ආරක්ෂාකර ගැනීම පිලිබඳව අවවාදාත්මක පුවරු සවි කිරීම ද ඊට සමගාමීව සිදු කෙරුණා.

පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය, ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන වැඩසටහන සඳහා සහය දැක්වූවා.

මේ වසර පුරා වැඩසටහන ක්‍රියාත්මක කිරීමට TOYOTA LANKA සහ Allianz රක්‍ෂණ ආයතනය අනුග්‍රහය දක්වා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *