මාවරළ අකුණු සැර වැදී නිවසකට හානි

(කොළඹ, ලංකාපුවත්) – මාවරළ පොලිස් වසමේ මාකදුර ප්‍රදේශයේ නිවසකට ඊයේ(23) පැවැති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් අකුණු සැර වැදී අලාභ හානි සිදුව ඇත.

ඊයේ සවස 04.40ට පමණ මෙම සිද්ධිය සිදුව ඇතැයි පොලිසිය පැවසීය.

එම නිවසේ කාමරයක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර එම අවස්ථාවේ දී නිවසේ කිසිවෙක් සිට නොමැත.

අසල්වාසීන් විසින් ගින්න මැඩ පවත්වා ඇති අතර සිදුව ඇති දේපළ අලාභ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැත.

මාවරණ පොලිසිය වැඩිදුර විමර්හන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *