මැයි 01වනදා සිට ලයිසන් ගන්න අලුත් ක්‍රමයක්

(කොළඹ, ලංකාපුවත්) – රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා වන ලිඛිත පරීක්ෂණය මැයි මස පළමු වැනිදා සිට නව ක්‍රමවේදයක් යටතේ සිදුකිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ ලිඛිත පරීක්ෂණයේ දී සිදුවන අක්‍රමිකතා වැළැක්වීම සහ කඩිනමින් ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවීම යන කරුණු සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බවයි.

ඒ අනුව පළමුව වෙහෙරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ දී මෙම නව ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව ජගත් චන්ද්‍රසිරි මහතා සඳහන් කළේය.

මේ අතර පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ගත වු කාලය තුළ වාහන ලියාපදිංචිය ද ඉහළ ගොස් ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *