විද්‍යාගේ සොහොයුරියට ජනපති මැදිහත්වීමෙන් රැකියා අවස්ථාවක්

(කොළඹ, ලංකාපුවත්) –ඝාතනයට ලක් වූ යාපනයේ විද්‍යා ශිවලෝගනාදන් දැරියගේ වැඩිමහල් සොහොයුරිය වන යාපනය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියක් වූ නිෂාන්ති සිවලෝගනාදන් මෙනවිය වෙත සංවර්ධන නිලධාරි පත්වීමක් ප්‍රදානය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

පසුගිය වසරේදී ජනාධිපතිතුමා වව්නියාවේ සිදුකළ සංචාරයක් අතරතුරදී විද්‍යා දැරියගේ නිවසට ද ගොස් එම පවුලේ අයගේ සුවදුක් විමසූ අවස්ථාවේ ලබාදුන් පොරොන්දුවක් අනුව නිෂාන්ති ශිවලෝගනාදන් මෙනවිය වෙත මෙම පත්වීම ලබාදීමට කටයුතු කර තිබේ.

විද්‍යා ශිවලෝගනාදන් පදනමේ උප සභාපතිනි ප්‍රවින සිනමා ශිල්පිනී සුවිනීතා වීරසිංහ මහත්මිය සහ විද්‍යා දැරියගේ මව වන සරස්වති ශිවලෝගනාදන් මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

six − three =