සෞඛ්‍ය ආරක්ෂිත දන්සැල් ගැන දැනගන්න දුරකතන අංකයක්

(කොළඹ, ලංකාපුවත්) – වෙසක් හා පොසොන් සමයේ දන්සැල් පැවැත්වීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් වීමටත්,මේ පිළිබඳව සෞඛ්‍ය දැනුවත් කිරීම සඳහා දිනයේ පැය 24 පුරා ක්‍රියාත්මක සුවසැරිය සෞඛ්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විශේෂ දුරකතන අංකයක් විවෘත කර ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පැවසුවාය.

ඒ අනුව 071-0107107 දුරකතන අංකය ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකි ය.

දන්සැල් පවත්වාගැනීමේ දී මහජන සෞඛ්‍ය පිලිබඳව විශේෂ සැළකිලිමත් වීමක් අවශ්‍ය බවත් ඒ සඳහා අවශ්‍ය සහාය හා දැනුවත් කිරීම සිදු කිරීමට සූදානම් බවත් වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය සඳහන් කළාය.

ඉතාමත් හොඳ ආහාර වෙළක් ලබාදීමේ දී රෝගී තත්ත්වයන් ඇති නොවන ආකාරයට ලබාදීම වැදගත් වෙනවා. බැක්ටීරියා වර්ග ආසාදනය වීමෙන් ආහාර විෂවීම් ඇතිවිය හැකියි. ඒ නිසා බැක්ටීරියා ආසාදනය වීම අවම කර
ගැනීමට කටයුතු කළ යුතුයි. දන්සැල් පැවැත්වීමට පෙර ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරය දැනුවත් කිරීම, දන්සැල ලියාපදිංචි කිරීමට කටයුතු කිරීම,ආහාර පිළියෙළ කිරීම, ආහාර ලබාදීම, දන්සැල අවසන් වීමෙන් පසු අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර කිරීම අදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම වැදගත් වන බවද වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය සඳහන් කළාය.

වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය මේ බව සඳහන් කළේ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවේ දී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *