හෙට සිට කාලගුණයේ වෙනසක්

(කොළඹ, ලංකාපුවත්) – පවතින කාලගුණ තත්වයේ සුළු වෙනසක් හෙට(25) සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර සිටියි.

බස්නාහිර, වයඹ,ඌව, සබරගමුව,දකුණ, මධ්‍යම සහ උතුරු මැද පළාත් වලත් වවුනියාව දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වැසි ඇති වේ.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කල හැකිය.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දීමක්ද කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *