තෙල් මිල වැඩි නොකරන බව ඇමති අර්ජුන කියයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්ධන මිල වැඩි කිරීමේ අදහසක් නැතැයි ඛණිජ තෙල් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඊයේ (24) පැවැති කැබිනට් මණ්ඩලය රැස්වීමේ දී ප්‍රකාශ කළේය.

ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ඇමෙතිවරුන් කිහිප දෙනකු කළ විමසීමකට පිළිතුරු දෙමින් අර්ජුන රණතුංග අමාත්‍යවරයා එලෙස පැවසීය.

ඛණිජ තෙල් සංස්ථාව පාඩු ලැබුවත් මේ අවස්ථාවේ ඉන්ධන මිල වැඩි කර ජනතාව පීඩනයට පත් කිරීමට අදහස් නොකරන බව ද ඇමතිවරයා ප්‍රකශ කළේය.

ඉන්ධන මිල සම්බන්ධයෙන් මිල සූත්‍රයක් ඉදිරිපත් කරන බවද කලින් ප්‍රකාශ කර තිබුණද ඊයේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එවැනි මිල සූත්‍රයක් ඉදිරිපත් වූයේ නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *