පළාත් සභා 06ක ඡන්ද විමසීම් මේ වසර අවසානයට පෙර

(කොළඹ, ලංකාපුවත්) – පළාත් සභා හයක මැතිවරණය මේ වසර අවසන් වීමට පෙර පැවැත්වීමට හැකිවෙතැයි අපේක්ෂාකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභහපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

රාජගිරියේ පිහිටි එම කොමිෂන් සභා කාර්යාලයේ ඊයේ(24) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මහින්ද දේශප්‍රිය මහතා මේ බව සදහන් කළේය.

සබරගමුව , උතුරමැද සහ නැගෙනහිර දැනටමත් විසිරී තිබෙන අතර ලබන සැප්තැම්බර් මාසයේදී මධ්‍යම උතුර සහ වයඹ යන පළාත් සභා තුනේ නිල කාලය අවසන් වන බවද ඒ අනුව එම පළාත් සභා හයේම මැතිවරණය ලබන දෙසැම්බර් මස 15 වැනි දිනට පෙර පවත්වා අවසන් කිරීමට අපේක්ෂා කරන බවද එහිදී දේශප්‍රිය මහතා කීය.

පළාත් සභා මැතිවරණය තවදුරටත් කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදයේ යහපත් මූලධර්ම වලට සම්පුර්ණයෙන්ම පටහැනි ක්‍රියාවක් බවද පළාත් සභා ඡන්දය කල් දැමීමට එරෙහිව රට තුළ ජනමතයක් ගොඩනැගිය යුතු යැයිද එහිදී මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 4 =