බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි අයෙක් ලග පොලිස් නිල ඇදුම් තිබී හසුවෙයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා පොලිසියට අයත් නිල ඇදුම් කොටස්, නිල හැඳුනුම්පත් සහ ජීව උණ්ඩ ලඟ තබාගෙන සිටි පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන ඇත. මීගොඩ පොලිස් වසමේ දාමපේ, හොරකඳවිල ප්‍රදේශයේ නිවසකදී සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ඊයේ(24) සිදු කළ වැටලීමකදී මෙම සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී පොලිසියේ විවිධ නිලයන්ට අයත් නිල ඇදුම් කට්ටල 03ක්, පොලිස් නිලධාරීන් සතු නිල හැදුනුම්පත් 16ක්, සේවා ලේඛණ 03ක්, නිල ලාංඡන සහිත හිස්වැසුම් 02ක්, වෙනත් පුද්ගලයින්ට අයත් ජාතික හැදුනුම්පත් 12ක්, විදෙස් ගමන් බලපත්‍රයක් ඇතුළු ව්‍යාජ ලිපි ලේඛන සහ තහනම් පිහි 04ක්, ජීව උණ්ඩ 20ක් ද අදාළ සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 49ක් වූ මීගොඩ පදිංචි බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි අයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශන කාර්යාලය සදහන් කළේය.

සැකකරු අද(25) දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *