හොරණ කර්මාන්ත ශාලාවේ කළමනාකරු හා රසායනගාර පාලිකාව යළි රිමාන්ඩ්

(කොළඹ, ලංකාපුවත්) – පසුගියදා සිදුවු හොරණ රබර් කර්මාන්ත ශාලාවේ පස් දෙනෙකුට මරු කැඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිතා බන්ධනාගාර ගත කර සිටින එහි කළමනාකරු සහ ජ්‍යෙෂ්ඨ රසායනාගාර පාලිකාව මෙම මස 27 වැනි දා දක්වා යළි බන්ධනාගාරගත කරන ලෙස හොරණ මහේස්ත්‍රාත් අධිකරණය අද (25) නියෝග කළේය.

බොරලැස්ගමුව වේරහැර පදිංචි ආර්.එදිරිසිංහ සහ හොරණ දික්හේනපුර පදිංචි ඉනෝකා සංජිවනී යන අය මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

ඉකුත් 19 වැනි දා සිදු මෙම හදිසි අනතුරින් රෝගී වුවන් අතුරින් එක් පුද්ගලයකු පමණක් තවමත් හොරණ මුලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මේ වන විට ප්‍රතිකාර ලබන බව රෝහල් අරාංචි මාර්ග සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *