ඉන්දියාවේ, සනාවර්හි ලෝරන්ස් විද්‍යාලයේ නියෝජිත පිරිසක් අගමැති මුණ ගැසේ

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ, සනාවර්හි ලෝරන්ස් විද්‍යාලයේ නියෝජිත පිරිසක් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් අද (26) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

ලෝරන්ස් විද්‍යාලය සහ ශ්‍රී ලංකාව අතර ශිෂ්‍ය හුවමාරු ක්‍රමයක් ආරම්භ කිරීම පිළිබඳව එහිදී සාකච්ඡාවට බඳුන් වූ අතර දෙරට අතර අධ්‍යානපන ක්ෂේත්‍රයේ සබදතා තවදුරටත් ශක්තිමත් අයුරින් පවත්වා ගෙන යාම පිළිබඳව ද වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු, ලෝරන්ස් විද්‍යාලයේ ප්‍රධානාචාර්ය විනායි පාන්ඩේ (Vinay Panday), එම විද්‍යාලීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven − six =