සොරකමේ ගිය තරුණයින් 04ක් හා තරුණියක් දැලේ

(කොළඹ, ලංකාපුවත්) – බම්බලපිටිය පොලිස් ස්ථානයට වාර්තාවී තිබූ රුපියල් 538,000ක් වටිනා මුදල් හා දේපළ කොල්ලකෑමක් සිදු කළ සැකකරුවන් සිව් දෙනෙකු හා එක් සැකකාරියක ඊයේ(25) රාත්‍රියේ දී අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරිය වයස අවුරුදු 24, 30, 29, සහ 34 යන වයස් වල පසුවන බොරැල්ල, කඩුවෙල, නාරාහේන්පිට ප්‍රදේශවල පදිංචි කරුවන් වේ.

ඔවුන් සන්තකයේ තිබී කොල්ලකන ලද පවුම් 05ක් බර රුපියල් 220540ක් වටිනා රන් මාලයක් උකස් කිරීමට අදාළ රිසිට්පත් හා කොල්ලකන ලද මුදල් වලින් රුපියල් 55,000ක් සොයා ගෙන තිබේ. එසේම කැමරාවක්, අත්ඔරලෝසුවක්, ජංගම දුරකථනයක්, කොල්ලකෑම් සදහා උපයෝගී කරගත් පිහියක්, කොල්ලකෑම සදහා පැමිණෙන ලද ත්‍රිරෝද රථයක් ද අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

මෙම සැකකරුවන් හා සැකකාරිය අලුත්කඩේ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හදුනාගැනීමේ පෙරෙට්ටුවක් සදහා ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.

බම්බලපිටිය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ෂන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *