කොළඹ දන්සැල් පරික්‍ෂාවට කණ්ඩායම් තුනක්

(කොළඹ, ලංකාපුවත්) – වෙසක් සමය තුළ පවත්වන දන්සැල් පරීක්ෂා කිරීම සඳහා කණ්ඩායම් තුනක් නිරන්තරයෙන් කොළඹ ප්‍රදේශය ආවරණය වන ලෙස ක්‍රියාත්මක කරන බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී,ආචාර්ය රුවන් විජයමුණි මහතා පවසයි.

වෙසක් සමයේ ක්‍රියාත්මක වන දන්සැල් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පැහැදිළි කරමින් ඒ මහතා මේ බව පැවසී ය.

කොළඹ පැවැත්වෙන දන්සැල් ලියාපදිංචි කිරීම සිදු කෙරෙන බවත් මේ වනවිට දන්සැල් සියයට 35%ක් පමණ ලියාපදිංචි වී තිබෙන බවත් කොළඹ දන්සැල් සියයක් පමණ පැවැත්වෙන බවත් වෛද්‍ය රුවන් විජයමුණි මහතා පැවසීය.

දන්සැල් ලියාපදිංචි කිරීමේ පෝරම කොළඹ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ලබාගත හැකි බවත් නැතහොත් http://colombo.mc.gov.lk/application-form.php අන්තර්ජාල ලිපිනයෙන් ලබාගත හැකි ය.

වෙසක් සමය තුළ කිසිම සීමා කිරීමකින් තොරව දන්සැල් පැවැත්වීමට අනුමැතිය ලබාදෙන බව කී රුවන් විජයමුණි මහතා, කණ්ඩායම් තුනක් නිරන්තරයෙන් උතුරු කොළඹ,මැද කොළඹ,බොරැල්ල,නැඟෙනහිර හා බටහිර කොළඹ ආදී ප්‍රදේශ ආවර්ණය වන ලෙස කොළඹ ප්‍රදේශයේ දන්සැල් පරික්ෂා කිරීමේ කටයුතු සිදු කරන බව පැවසීය.

දන්සැල් පැවැත්වීමේ දී මහජන සෞඛ්‍ය පිළිබඳව නිසි අවධානයෙන් සිදු කිරීම වැදගත් වෙයි.දන්සැල් නිවැරදිව ක්‍රියාත්මක කෙරෙනවාද යන්න සොයා බැලෙනවා.දන්සැල් දීම අධෛර්යමත් කරන්නේ නෑ යැයි ද වෛද්‍ය රුවන් විජයමුණි මහතා නියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *