කොටහේනේ වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – ඉකුත් මාර්තු මස 08 වන දින කොටහේන, හෙට්ටියාවත්ත හංදියේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයින් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදුකළ සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ අපරාධ කොට්ඨා‍ශය විසින් මෙම සැකකරු ඊයේ(26) දහවල් 01.30ට පමණ කොටහේන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

මෙම අපරාධය සිදු කිරීමට අනුබල දීම හා සාක්ෂි වසන් කිරීමේ වරදට ඉහත අපරාධය සිදු කිරීම සඳහා සැකකරුවන් ගමන් කළ යතුරුපැදියද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 40 ක් වු කොටහේන, කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අද(27) දින සැකකරු අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිය.

කොළඹ අපරාධ කොට්ඨාශය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *