මාධ්‍ය නිදහසින් ශ්‍රී ලංකාව ස්ථාන 10ක් ඉදිරියට

(කොළඹ, ලංකාපුවත්) – ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබද දර්ශයකට අදාළව ශ්‍රී ලංකාව පැවති ස්ථානයේ සිට ස්ථාන 10ක් ඉදිරියට ඒමට සමත්ව ඇත.

මෙම දර්ශනයේ පිළිවෙලින් පළමු හා දෙවැනි ස්ථානවල පසුවන්නේ නෝර්වේ සහ ස්විඩන යයි.

කෙසේ නමුත් ජනමාධ්‍ය නිදහස පිළිබද දර්ශකයේ ශ්‍රී ලංකාව තවමත් පසුවන්නේ රතු කලාපය තුළය. ඒ ඒ රට තුළ පවතින ජනමාධ්‍ය නිදහසේ ස්වභාවය අනුව රටවල් සුදු, කහ, තැඹිලි, රතු සහ කළු ලෙස කොටස් 05කට වෙන් කර තිබේ.

ජනමාධ්‍යවේදීන් සතු නිදහස පිළිබඳ මට්ටම අනුව රටවල් 180 ක් ශ්‍රේණිගත වී තිබේ. ජනමාධ්‍ය නිදහස, ජනමාධ්‍යයේ ස්වාධීනත්වය, ව්‍යවස්ථාදායක රාමුව සහ සෑම රටකම මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව පිළිබඳ මනා නිදහසට අදාළ කරුණු මත පදනම්ව මෙම දර්ශකය සකස් කරනු ලැබේ. ජනමාධ්‍ය නිදහස පිළිබද මෙම දර්ශකය සකස් කරනුයේ සීමා නොමැති වාර්තාකරුවෝ නැමැති ජාත්‍යන්තර සංවිධාන විසිනි.

2015 වසරේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මාධ්‍යවේදීන් ඝාතනය කිරීම පිළිබඳ සියලු විමර්ශන නැවත ආරම්භ කිරීමට අවශ්‍ය බව පැවසීය. ලසන්ත වික්රමතුංගගේ ඝාතන සම්බන්ධයෙන් පරීක්ෂණවල මේවන විට යම් ප්‍රගතියක් ලබා ඇත.

මෙම වසරේ දර්ශකයේ නෝර්වේ ප්‍රථම ස්ථානයේත් අනතුරුව ස්වීඩනය, නෙදර්ලන්තය, ෆින්ලන්තය සහ ස්විට්සර්ලන්තය යන රටවල් ඊට පහළින් සිටී. එසේම දර්ශකයෙහි උතුරු කොරියාව පසුවන්නේ අවසන් ස්ථානය හෙවත් 180 වන ස්ථානයේය.

දකුණු ආසියාතික කලාපයේ භූතානය 94 වන ස්ථානයේත් නේපාලයේ 106 වන ස්ථානයෙත්, ඇෆ්ගනිස්ථානය 118 වන ස්ථානයේත්, මාලදිවයින 120 වන ස්ථානයේත් පසුවේ.

එසේම ඉන්දියාව 138, පාකිස්ථානය 139, බංග්ලාදේශ 146 වන ස්ථානවල පසුවන බව දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *